About this episode
මේක, පප්පා ගමේ වෙද පප්පා පෙරපු අරිස්ටෙ ම ගමේ කෙරෝලෙ මාමලා වගයක් බැරල් අස්සෙත් පෙරනවා කියලා දැනගත්ත කාලෙට සෑහෙන කලින් කතාවක්! මතක ද? මණ්ඩුක භවනෙන් ආර්ථික වර්ධන වේගය ඉගෙනගෙන වයසට නාහන වදන් ඉශූ කර කර රෙද්දක් බෙල්ලෙ ගැටහගන් වත්ත වටේ දුවපු කාලෙ? මොන මගුල කලත් හැන්දෑ කළුවර වැටෙද්දි ටීවී එක ඉස්සරහ ඉඳන් අපේ ම ලෝකවලට එන්ටර් වෙලා සපාන් එකේ ජීවිතේ ගෙවපු කාලෙ? මචං, අපි දැන් වෙන වෙන විදිවලට හොයන්නෙ ඒ කාලෙ ඒ ආතල් නිදහස ම නේද? ඕං ඔය වගේ ගෙවුනු අපේ ජීවිතේ ඇට්ටැම්බ කාලය ගැන, ඇට්ටකුණාවෙන්න ඔන්න මෙන්න ගිය උං දෙන්නෙක් කරපු, වයසින් විතරක් වයසට ගිය මනසින් තාම පොඩි උංගෙ කතාව!


