Skip to content
The BeanBag Podcast
The full archive Latest: Ep 67

Every episode,
in one place.

A growing library of 69+ conversations. Pick one that catches your eye, or hit search and find something specific.

69+ episodes
EP66

මරණයට අත වැනූ යක්ෂ හරය | The Demon Core

හිරෝශිමා නාගසාකි විනාශයන් තරමට ම අති විසාල හානියක් කිරීමට තරම් බලසම්පන්න තවත් කිලෝ 6.2ක ප්ලූටෝනියම් හරයක් 'මැන්හැටන් ප්‍රොජෙක්ට්' එක සතු විය. ඒ බෝම්බය කොතරම් දරුණු ද යත්, නොපිපරීම වුවද ජීවිත බිලිගැනීමට තරම් භයානක විය. ඒ බෝම්බයට එතරම් භයානක වූවේ කොහොමද? ඒ බෝම්බය සැබෑවට ම පිපිරුනාද? අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, “The Demon Core” ප්ලූටෝනියම් හරය පිළිබඳව! The Manhattan Project had another 6.2-kilogram plutonium core, powerful enough to cause as much damage as the Hiroshima and Nagasaki bombs. That bomb was so powerful that even if it didn't explode, it would have been deadly. How did that bomb become so dangerous? Did that bomb actually explode? Today on the Beanbag Podcast, we're talking about the plutonium core, “The Demon Core”!

EP65

යෝගේෂ්වරී for Dummies | යෝගේෂ්වරීගේ රහස් හොයාගත්තේ මෙහෙමයි

'යෝගේශ්වරී' ගැන සහ ඒ එක්ක ගොඩ නැගුනු දැඩි කතාබහ ගැන අපි හැමෝම දන්නවා. ඒ කතාබහා ඇතුළෙ අති බහුතරයකට හරියට නොතේරුන ටෙක් වැඩ ගොඩකුත් තිබුනු බව නොරහසක්. ඉතින් අද අපි අපේ එපිසෝඩ් එක වෙන් කලේ ඒ සිංදුවත් එක්ක හැදුනු scavanger hunt එක කෙරෝළක ඉඳන් තේරුම් ගන්න. මේ, චරිත අතලගේ ගෙ 'යෝගේෂ්වරී' ප්‍රොජෙක්ට් එක ගැන අපේ ළෙහාගැනීම. We all know about 'Yogeshwari' and the heated debate that arose around it. It is no secret that there was a lot of tech involved in that debate that most people did not understand. So today we have dedicated our episode to understanding the scavenger hunt that arose around that song from the beginning. This is our approach to the 'Yogeshwari' project of Charitha Attalage.

EP64

ලොව හෙල්ලූ ලූර්ව් මංකොල්ලය | Louvre Museum Heist

යුරෝ මිලියන අසූ අටකට අධික වටිනාකමකින් යුතු පුරාවස්තූන් කිහිපයක් ලෝකප්‍රසිද්ධ ලූර්ව් කෞතුකාගාරයෙන් දින හතරකට පෙර මහ දවාලේ මංකොල්ල කනු ලැබුවා. මහ පාරේ වැටී හමුවූ ඩොලර් මිලියන ගණනක් වටිනා ඔටුන්න,අතැර දමා ගිය මිලියන හැටක දියමන්තිය, අතුරුදහන් රාජකීය ආභරණ සියල්ල ගැන ඇතුළුව මේ සිද්ධිය පිළිබඳ මේ වන විට ලෝකය කතාව​න සියළු දේ සමඟ අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, ලොව හෙල්ලූ ලූර්ව් මංකොල්ලය ගැන! Several antiquities worth over eighty-eight million euros were stolen in broad daylight from the world-famous Louvre Museum four days ago. The multi-million dollar crown found on the street, the sixty million dollar diamond that was left behind, the missing royal jewels, and everything else the world is talking about, including our conversation on the Beanbag Podcast today, about the Louvre robbery that shook

EP62

ටෙස්ටින් ත්‍රී ටූ වන් ඇන්ඩ් මාර සයිස් පොලිස් හන්ට්! | Porepunkah Shooting

වික්ටෝරියාවේ මෑත ඉතිහාසයේ සිදුවූ විසාල ම මෙහෙයුමක් වූ Dezi Freeman සෙවීමේ මෙහෙයුම ගැන මුවාවෙන් අලුත් සෙටප් එක ටෙස්ට් කිරීම ගැන කයිවාරුව. (අතිශයින් ම බීන් බෑග් අසන්නන්ට පමණයි!) The bragging about testing the new setup under the guise of the search for Dezi Freeman, the largest operation in Victoria's recent history. (For the most bean bag lovers!)

EP61

හොල්මන් කරන පෝසිලේන් බෝනික්කා - එළිසබෙත් | Elizabeth Doll

සියවස් ගණනාවක අඳුරු මතක පිරි බියකරු හිනාවකින් මුහුණ සරසාගත් පෝසිලේන් බෝනික්කෙක්. මේ බෝනික්කා හුරතල් කළොත් එය ම මරණයට හේතු වෙයි ද? රැකබලා ගන්නා අයට පවා අවාසනාව ගෙන ආ එලිසබෙත් බෝනික්කා ගැන බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාව. A porcelain doll adorned with a terrifying smile, filled with centuries of dark memories. Will cuddling this doll lead to death? Our story on the Beanbag Podcast about the Elizabeth doll, which brought misfortune even to those who cared for it.

EP59

මරණ තුනක්! බිහිසුණු ආත්මයක්! | The Ghost of Room 404

උතුරු තායිලන්තයේ රෝස කැකුළ ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයක, හුදකලා තට්ටු නිවාස කාමරයක් තුළ ජීවිත තුනක් මරණයට කැප වන ලදී. ඒ තට්ටු කාමරයේ පදිංචියට ආ විශ්ව විද්‍යාල සිසුවියගේ දොරට මරණය තට්ටු කරේ ඇගෙන් පළිගන්න ද? ඇගෙන් උදවු ඉල්ලන්න ද? In a remote area of ​​northern Thailand known as the Pink City, three lives were sacrificed to death in a single room in a single-family home. Did death knock on the door of the university student who had moved into the apartment building to seek revenge? To ask for help?

EP58

ප්ලේන්ෆීල්ඩ් මස් ඝාතකයා | The Butcher of Plainfield

අතිශයින් ම ජනප්‍රිය වූ Horror චිත්‍රපටි ගණනාවක අවසානයේ, ඇත්තට ම ඒ තරම් අමානුශික ඝාතකයන් අප අතර හමුවෙනවා ද යන ප්‍රශ්නය ඔබට වරක් හෝ මතු වී ඇතුවා නොඅනුමානයි. ඔබේ ප්‍රශ්නයට පිළිතුර ඔවු. අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, ඒ තරම් ම අමානුශික වීම නිසා ම චිත්‍රපට ගණනාවකට වස්තු බීජ සැපයූ සැබෑ ඝාතකයෙක් ගැන.. At the end of many extremely popular horror films, you have undoubtedly wondered at least once whether such brutal killers really exist among us. The answer to your question is yes. Today on the Bean Bag Podcast, our conversation is about a real-life killer who was so brutal that he provided the subject matter for numerous films.

EP57

මළවුන්ගේ විවාහ | Chinese Ghost Marriages

මියගියත්, අවුරුදු දහයක් තිස්සේ පෙම් කළ සිය පෙම්වතිය විවාහ කරගැනීම ඇඩම් ගේ එක ම කැමැත්ත විය. නමුත් මළවුන්ගේ ලෝකයෙන් කරකාර බැඳීම කළ හැකි ද? ඔහුගේ පෙම්වතිය ඔවුන්ගේ විවාහයෙන් පසුව ඇඩම්ගේ ජීවිතය වෙනස් කළේ කෙසේ ද? මේ සියල්ල, අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහින් Adam's only wish was to marry his girlfriend of ten years, even though she was dead. But is it possible to have a relationship with the dead? How did his girlfriend change Adam's life after their wedding? All this, in our conversation on today's Beanbag Podcast

EP56

කොල්ල

හොරෙක් නැති බැංකු මංකොල්ලයක් තිබිය හැකි ද? එකදු චූදිතයෙකු නැතිව, බැංකුවකින් මිලියන ගණනක් අතුරුදහන් විය හැකි ද? මිලියන ගණනක බැංකු සේප්පුව හිස් කළ, හොරෙක් නොමැති බැංකු මංකොල්ලයක කතාව; අද බීන්බෑග් පොඩ්කාස්ට් වෙතින්. Is it possible to have a bank robbery without a thief? Is it possible to have millions disappear from a bank without a single suspect? The story of a bank robbery without a thief, which emptied the bank safe of millions; Today from the Beanbag Podcast.

EP51

සමුදීමේ වේදනාව | It Hurts to Say Good Bye

උහුලගන්න බැරි දුක කියන්නෙ මොකක්ද? ඒ දුක ඉස්සරහ පපුව රිදෙන්න ගන්නෙ ඇයි? හිරිවැටිලා යන්නෙ ඇයි? දරන්න බැරි වේදනාව කියලා එකක් තියෙනවද? ප්‍රශ්න ගොඩක්! මේ සේරම ගැන, විඳවන්න උනු අත්දැකීමක් නිසා ම හොයන්න හිතුනා. මේ ඒ ගැන අපි කරපු කයිවාරුවක්! What is unbearable pain? Why does the chest hurt in the face of that pain? Why does it go numb? Is there such a thing as unbearable pain? So many questions! We wanted to find out about all of this because we had an experience to endure.

EP44

ග්‍රීක යක්ෂයෝ - 2 කොටස | Greek Mythology Part 4

In this episode, we explore the most iconic monsters of Greek mythology, from the fire-breathing Chimera and multi-headed Hydra to the cunning Sphinx and the tragic Minotaur. Discover their origins, battles with heroes like Heracles and Odysseus, and the timeless lessons they represent. Which monster would you face—or flee from? Share your thoughts in the comments! Don’t forget to like, subscribe, and hit the bell for more mythic adventures! #GreekMythology #Podcast #MythicalCreatures #Monsters

EP43

ග්‍රීක යක්ෂයෝ - 1 කොටස | Greek Mythology Part 3

In this episode, we explore the most iconic monsters of Greek mythology, from the fire-breathing Chimera and multi-headed Hydra to the cunning Sphinx and the tragic Minotaur. Discover their origins, battles with heroes like Heracles and Odysseus, and the timeless lessons they represent. Timestamps 00:00:00 Introduction 00:03:40 Typhon (ටයිෆෝන්) 00:10:54 Echidna (එකිඩ්නා) 00:20:22 Gorgons (ගොර්ගොන්ස්) 00:29:25 Sirens (සයිරන්) 00:37:47 Scylla (ස්කයිලා) 00:44:17 Charybdis (චාරිබ්ඩිස්) 00:47:42 Empusa (එම්පුසා) 00:49:26 Harpies (හාපීස්) 00:54:05 Lamia (ලාමියා) 00:57:59 Sphinx (ස්පින්ක්ස්) 01:03:54 Manticore (මැන්ටිකෝර්) 01:06:47 Giants (යෝධයන්) Which monster would you face—or flee from? Share your thoughts in the comments! Don’t forget to like, subscribe, and hit the bell for more mythic ad

EP42

අපි ජීවත්වෙන්නේ Simulation එකක නම්? | Simulation Theory and Mandela Effect

Discover the timeless tales of gods, heroes, and epic adventures in our YouTube podcast about Greek mythology. Dive into fascinating stories, explore ancient legends, and uncover the wisdom behind the myths that shaped Western civilization. නොමියෙන වීරයන්, දෙවිවරු, පාවාදෙන්නන් පිරුණු පුරාතන ග්‍රීක යුගයේ මිළ කල නොහැකි නිර්මාණය, ග්‍රීක සාහිත්‍යය ගැන බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ! In the Loop Podcast - https://www.youtube.com/watch?v=oQT4-R8icEU&list=PLVpD3_m2Pb0s1kde7tMgcJ7vW_kvIDB7c

EP41

ග්‍රීක මිත්‍යාවේ හත්මුතු පරම්පරාව! | Greek Mythology Part 2

Discover the timeless tales of gods, heroes, and epic adventures in our YouTube podcast about Greek mythology. Dive into fascinating stories, explore ancient legends, and uncover the wisdom behind the myths that shaped Western civilization. නොමියෙන වීරයන්, දෙවිවරු, පාවාදෙන්නන් පිරුණු පුරාතන ග්‍රීක යුගයේ මිළ කල නොහැකි නිර්මාණය, ග්‍රීක සාහිත්‍යය ගැන බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහේ දෙවෙනි දිගුව! In the Loop Podcast - https://www.youtube.com/watch?v=oQT4-R8icEU&list=PLVpD3_m2Pb0s1kde7tMgcJ7vW_kvIDB7c

EP40

ග්‍රීක දෙවියන්ගේ පුරාවෘත්ත | Greek Mythology Part 1

Discover the timeless tales of gods, heroes, and epic adventures in our YouTube podcast about Greek mythology. Dive into fascinating stories, explore ancient legends, and uncover the wisdom behind the myths that shaped Western civilization. නොමියෙන වීරයන්, දෙවිවරු, පාවාදෙන්නන් පිරුණු පුරාතන ග්‍රීක යුගයේ මිළ කල නොහැකි නිර්මාණය, ග්‍රීක සාහිත්‍යය ගැන බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ! In the Loop Podcast - https://www.youtube.com/watch?v=oQT4-R8icEU&list=PLVpD3_m2Pb0s1kde7tMgcJ7vW_kvIDB7c

EP38

රුසියාවේ පිස්සු පූජකයා | Grigori Rasputin

රුසියාවේ සාර් රජ පෙළපතේ අභාග්‍යය ගෙනා අරුම පුදුම මායාකාර සුවකරන්නා; රස්පුටින් ගැන සොයා යන බීන් බෑග් පොඩ්කාස්ට් අද කතාව! සාර් බිසවගේ සිට රටේ ම කාන්තාවන්ගේ උමතු ආකර්ශනය ලැබූ අපිරිසිදු උන්මන්තක පැවිද්දාගේ සැබෑ අරමුණ මොකක්ද? ඉතිහාසයේ කුප්‍රකට ම සුවිසාල සරීරාංගය ඇත්තට ම රස්පුටින්ගෙ ම ද? Join us as we dive into the fascinating and mysterious life of Grigori Rasputin—healer, mystic, and the man who influenced Russia’s royal family. Was he a prophet, a fraud, or something far more sinister? Let’s unravel the myths and truths surrounding Rasputin’s rise to power and his legendary end. In the Loop Podcast - https://www.youtube.com/watch?v=oQT4-R8icEU&list=PLVpD3_m2Pb0s1kde7tMgcJ7vW_kvIDB7c

EP37

Auschwitzහි මරණයේ දුතයා | Josef Mengele

1940 දශකය තුලදී නාසිවාදීන් විසින් පවත්වාගෙන ගිය වධකාගාර කදවුරු තුල සිරකරුවන් යොදා ගෙන මිනිස් සිරුර හා වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත පරීක්ශණ රාශියක් කරන ලද Auschwitz හි 'මරණයේ දුතයා' වූ ජෝසෆ් මැන්ගලේ ගැන බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. Today Beanbag Podcast talks about Josef Mengele, the 'Angel of Death' of Auschwitz, who conducted numerous experiments on the human body and medicine using prisoners in Nazi concentration camps during the 1940s. In the Loop Podcast - https://www.youtube.com/watch?v=oQT4-R8icEU&list=PLVpD3_m2Pb0s1kde7tMgcJ7vW_kvIDB7c

EP35

විදුලි පුටුවේ කතන්දරේ | The Invention of the Electric Chair

ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක නව නිපැයුමක් වුන විදුලි පුටුව පිටුපස ඇති අඳුරු ඉතිහාසය! එය නිර්මාණය කිරීමේ කතාව, එහි සංවර්ධනයට පණ දුන් චරිත සහ සමාජයට එහි කල්පවත්නා බලපෑම අද බීන්බෑග් පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන්. Explore the dark history behind one of the most controversial inventions in history—the electric chair. In this gripping podcast episode, we uncover the story of its creation, the rivalry that fueled its development, and its lasting impact on society. A thought-provoking dive into the intersection of science, morality, and justice. In the Loop Podcast - https://www.youtube.com/watch?v=mo7wrrcxoDQ #electricchair #thomasalvaedison #podcast

EP34

නියෝස් විලේ නිහඬ ඝාතකයා | Lake Nyos Incident

1986 දී ජීවිත 1,700කට අධික සංඛ්‍යාවක් අහිමි වූ නියෝස් විලෙහි අභිරහස. මෙම ව්‍යසනයට හේතු වූයේ කුමක්ද සහ ලිම්නික් පිපිරීම් ගැන අපේ කතාබහ අද බීන්බෑග් පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන්. Explore the chilling mystery of Lake Nyos, where over 1,700 lives were lost in 1986. What caused this silent disaster, and how has it shaped our understanding of limnic eruptions? Find out in this episode of The Bean Bag Podcast. #LakeNyos #NaturalDisaster #Podcast

EP32

අමුතු, අමානුශික දිවි පිදුමකින් කෙලවර වුන Suiyang ආක්‍රමණය | Siege of Suiyang

8 වැනි ශතවර්ෂයේ චීනයේ සිදුවුන ලෝක යුධ ඉතිහාසයේ වඩාත්ම බිහිසුණු කථාංගවලින් එකක් වන සුයියැං ආක්‍රමණය ගැන අද අපි කතා කරමු. ඇන් ලුෂාන් කැරැල්ලේදී ජෙනරාල් ෂැන්ග් ෂුන් ගේ අණ යටතේ කුඩා නගරයක්, එහි විශාලත්වය මෙන් බොහෝ ගුණයක හමුදාවකට ඔරොත්තු දුන් ආකාරය පිළිබඳ ඇදහිය නොහැකි කතාවක්. අවසන් හුස්ම පොද දක්වා සුයි යැං බලකොටුව ආරක්ෂා කළ අයගේ ම්ලේච්ඡ උපක්‍රම, හද කම්පා කරවන තීරණ සහ නොසැලෙන අධිෂ්ඨානය අද එපිසෝඩ් එකෙන්. Today we will talk about one of the most horrific episodes in the history of world war, the Suiyang Invasion, which took place in China in the 8th century. An incredible story of how a small town under the command of General Shang Xun withstood an army many times its size during the An Lushan Rebellion. In today's episode, the brutal tactics, heartbreaking decisions and unwavering determination

EP31

තවමත් රහසක් වූ ජපානයේ S.O.S සිදුවීම | Japan Cold Cases - S.O.S Incident

අද අපේ කතාබහ වෙන්වෙන්නේ ලෝකේ පුරාවටම කුතුහලයක් ඇති කරපු ජපානයේ අභිරහස් S.O.S සිද්ධියට. අතරමං වුන කඳු නගින්නන් දෙන්නෙක්ව හොයාගෙන යන්න ක්‍රියාත්මක කරපු ගුවන් ක්‍රියාන්විතයකින් තමයි මේ අභිරහස හොයාගන්නේ. එන්න අපි කතා කරමු! සමහරවිට අපිට නොපෙනුන හේතු ඔයාලට හිතෙන්න පුළුවන්. Today, our conversation is about the mysterious S.O.S incident in Japan that has aroused curiosity all over the world. This mystery is discovered through an aerial operation to find two lost climbers. Come let's talk! Maybe you can think of reasons that we don't see.

EP30

චර්නොබිල් අත්භූත සත්වයා - 2 කොටස | චර්නොබිල් මොත්මෑන්

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවීම අපි කලින කොටසේදී කතා කලා. ඉතින් මේ සිදුවීම වෙන්න ආසන්න කාලයේ වගේම සිදුවීමෙන් පස්සෙත් මේ බලාගාරය අවට සැරිසැරපු ඇඟ කිලිපොලා යන භයානක පෙනුමක් ඇති යම් ජීවියෙක් ගැන ඔයාලා අහලා තිබ්බාද? අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ ඒ ගැන අපේ කතාවෙ පලමු කොටස මෙතනින් - https://youtu.be/B7GN88ONuhA මෙහි එන සියලු ඡායාරූප කෘතිම බුද්ධිය ආධාරයෙන් නිර්මාණය කල බව කරුණාවෙන් සලකන්න. We talked about the incident at the Chernobyl nuclear power plant in the previous section. So have you heard about a creature with a creepy appearance that roamed around this plant around the time of this incident and after the incident? That's what we're talking about on today's Beanbag Podcast Here is the first part of our story - https://youtu.be/B7GN88ONuhA Please note that all images here are

EP29

චර්නොබිල් අත්භූත සත්වයා - 1 කොටස | චර්නොබිල් වල මොකද උනේ?

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිද්ධ වුනු පිපුරුම අහලා නැති කෙනෙක් නැති තරම්. අදටත් ඒක සැලකෙන්නේ මානව ඉතිහාසයේ සිද්ධ උන දරුණුම අත්වැරදීමක් විදියට. ඉතින් මේ පිපුරුමට සම්බන්ධ වෙන අත්භූත සත්වයෙක් මේ අවට සැරිසැරුවා කියලා ඔයාලා දන්නවද? ඒ ගැන කතා කරන්න කලින් බීන්බෑග් පොඩ්කාස්ට් අපි හිතුවා චර්නොබිල් බලාගාරයේ ඇත්තටම මොකද උනේ කියලා කතා කරන්න. අපේ කතාවෙ දෙවෙනි කොටස මෙතනින් - https://youtu.be/PeyVYH_Cq30 මෙහි එන සියලු ඡායාරූප කෘතිම බුද්ධිය ආධාරයෙන් නිර්මාණය කල බව කරුණාවෙන් සලකන්න. There is hardly anyone who has not heard of the explosion at the Chernobyl nuclear power plant. Even today it is considered as one of the worst mistakes in human history. So did you know that a mysterious creature connected to this explosion roamed around here? Before we talk about that on the Beanbag Podcast we thought we

EP28

බොහොම ස්තූතියි! අපිලට දාහයි!! | 1K Subs කයිවාරුව

එකේ ඉඳන් දාහට, අපි එක්ක මිනිස්සු ම දාහක් මචං! බීන් බෑග් පොඩ්කාස්ට් එක පටන් ගනිද්දි පළවෙනි subscribe එකේ ඉඳන්, ඊයෙ දවාලෙ වැටුනු දහස් වෙනි subscribe එක වෙනකන් ම ලැබුනෙ මාර ආදරයක්! මේක පටන් ගැන්ම විතරයි! යන්න තව සෑහෙන දුර ගමනක් තියෙනවා. වරෙල්ලා! අපේ විදියට අපි, ට්‍රැක පන්නගමු! ආදරේ බෙදාගමු! බීන් බෑග් පොඩ්කාස්ට් එකට ආදරේ උන් දාහයි! ♥️ They love the Bean Bag Podcast! ♥️ Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491

EP27

සාක්ෂි තිබිලත් තවම විසඳගන්න බැරිවුනු මිනීමැරුම | Setagaya Murder

සාමාන්‍යයෙන් අපරාධයක් විසඳන්නට බැරිවෙන්නේ සාක්ෂි නැතිකමින්. එහෙම නැත්තම් සාක්ෂි මදිකමින්. හැබැයි ඕනෑවටත් වැඩියෙන් සාක්ෂි තිබිලත් විසඳගන්න බැරුව අවුරුදු විසි හතරක් තිස්සේ ඇදි ඇදි යන අභිරහස් මිනීමැරුමක් ගැන අහලා තිබ්බාද? එන්න අපි අද බීන්බෑග් පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන් කතා කරමු ජපානයේ ටෝකියො නුවර හොල්ලපු සටගයා මිනීමැරුම ගැන. Usually, a crime cannot be solved due to lack of evidence. Or lack of evidence. But have you ever heard about a mysterious murder that has been going on for twenty-four years, despite having too much evidence? Let's talk about the Satagaya murder that rocked Tokyo, Japan on today's episode of the Beanbag Podcast.

EP25

සුබ ගමන්! මහාචාර්ය මැක්ගොනගල්! ‍Farewell! Professor McGonagall

පසු ගිය දාක ලෝකයට අහිමි වුනු, ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් චිත්‍රපට මාලාවේ අපිට හිටිය සුන්දර ම ගුරුවරිය; Professor McGonagallට පණ පෙවූ Maggie Smith වෙනුවෙන් වෙන් වුනු The beanbag podcast අපේ එපිසෝඩ් එක. The most loved teacher we had in the world-famous Harry Potter film series, who has been lost to the world since then; Our episode of The Beanbag podcast is dedicated to Maggie Smith who played Professor McGonagall. With love, professor! ♥️

EP24

බලංගොඩ හිමි අනාවැකියට අනුව! අභිනව ජනපති අනුර කුමාර දිසානායක ‍

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට අපගේ උනුසුම් සුභ පැතුම්! අභිනව ජනපතිතුමාට මුහුණ දෙන්න වන අභියෝග මොනවාද? ඇයි මේ ජනාධිපතිවරණය සුවිශේෂී වෙන්නේ? අවුරුදු තිස් ගනනකට උඩදී බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේ අනාවැකි පළ කල රටට අවැසි නායකයා අනුර දිසානායකද? අද බීන්බෑග් පොඩ්කාස්ට් තුලින් කතාබහට ගමු. Our warmest congratulations to Mr. Anura Kumara Dissanayake who was elected as the ninth Executive President of the Democratic Socialist Republic of Sri Lanka! What are the challenges facing the President Abhinava? Why is this presidential election special? Is Anura Dissanayake the leader that Balangoda Ananda Maithriya prophesied more than thirty years ago? Let's chat on today's Beanbag Podcast.

EP23

දැන් නම් AT

අම්බානකට ට්‍රැක පන්නගන්නට මහ ලොකු දුරවල් යන්නට ඕනෙ නෑ. අපේ පාර්ලිමේන්තුවෙ උදවිය කරන කියන කතා ඇහුවම ම ඔටෝ ට්‍රැක පනිනවා. ජනාධිපතිවරනෙ අත ළඟ නිසා, අපි දැම්මා ඒ ගැන කයිවාරුවක්. සිහිබුද්ධියෙන් ඡන්දෙ පාවිච්චි කරන්න ඕනෙ ඇයි කියලා අපිට තේරෙන විදියට කතා කොරන්න. මේ අපේ බීන් බෑග් පොඩ්කාස්ට් කයිවාරුව; ඡන්දෙ ගැන!

EP22

අනුරාධපුර සක්වල චක්‍රය විශ්වයන් අතර ගමන් කරන දොරටුවක්ද? | Sakwala Chakray ‍

අනුරාධපුර රන්මසු උයනේ පිහිටි මේ අමුතු සෙල්ලිපියේ අබිරහස. ලංකාවේ වෙන කොහෙවත් හමුවෙන්නේ නැති සටහන් තියෙන මේ සක්වල චක්‍රය අනුරාධපුර තියෙන්නේ ඇයි? මේ පිටසක්වලට ගමන් කල හැකි දොරටුවක්ද? අමුතු ශක්තියක් නිකුත් කරන මේ දොරටුව විවෘත කරන්න පුළුවන් කාටද? රාවණා දෙවි කෙනෙක් ද? පිටසක්වල ජීවියෙක්ද? මේ තියෙන්නේ රාවණා නැගිට්ටවන්න අවශ්‍ය යතුරක්ද? මේ ඔක්කොටම උත්තර හොයන් යන බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. The mystery of this strange inscription in Anuradhapura's Ranmasu Garden. Why does Anuradhapura have this Sakwala chakra with notes that are not found anywhere else in Sri Lanka? Is this a gateway to aliens? Who can open this gate that emits strange energy? Is Ravana a god? An alien? Is this the key to awakening Ravana? Join the Beanbag Podcast to find the answers to all of these.

EP21

තොටගමුවට නෙවෙයි යකුනේ මටගමුවට අරන් පලයල්ලා | තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

යක්කු බැඳන් වැඩ ගත්තු, අහසින් වඩින බල තිබ්බ බෙහෙත් හදපු, භාශා හයක් පරතෙරට ම හසුරවපු, සිංහල සාහිත්‍යයේ රන් අකුරෙන් නම ලියැවුනු, තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ ජීවිතය වටේට බැඳුනු කතා ගොඩක් ජනප්‍රවාදයේ පවතිනවා. ඒ කතා රොත්තක් එක්ක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් ගැන බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. අද අපි ඔයාලා වෙත ගෙන එන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැන කිසිදා නොඇසූ අපූරු තොරතුරු එකතුවක්.

EP20

බෝඩිමේ ජීවිතේ - කයිවාරුව

'කොහොමද මචං' කියලා අඳුනගත්ත උන් සහෝදර සහෝදරියො වෙලා නැවතිච්ච හැටි, උන් එක්ක ජීවිතේ අමාරුවෙන් ගේම ගහගත්ත හැටි, ඊටත් වඩා ජීවිතේ අමතක ම නොවෙන මතක තොගයක් ගොඩ ගහගත්ත හැටි ගැන අපි දෙන්නා දැම්මා පොඩි කයිවාරුවක්! ඇයි බල බල ඉන්නෙ, කොහෙන් හරි වාඩියක් දාන් සෙට් වෙයන් කතාවට! උඹටත් මෙහෙම මතක ඇති නෙහ් නොසෑහෙන්න!

EP19

Holy Grail හොයාගෙන ගිය හෙන්රිච් හිම්ලර්ගේ නාසි හමුදාවට උන වැඩේ

සියවස් ගණනාවක් අතුරුදහන් වී තිබූ ඉතිහාසයේ බලගතුම පුරාවස්තූන් සොයා නාසි හමුදාවන් සිදු කළ මෙහෙයුම සහ දෙවන ලෝකය යුද්ධයට එය සිදු කළ බලපෑම! අවුරුදු සිය ගණනක් තිස්සේ හොයපු ශුද්ධ වූ බඳුන හොයාගන්න හිම්ලර්ට පුලුවන් උනාද? The Nazi forces' mission to find history's most powerful antiquities that had disappeared for centuries and its impact on World War II! Was Himmler able to find the holy grail he had been looking for for hundreds of years?

EP18

බංගලින්ට වැරදුනේ කොතනද? - බංග්ලාදේශය හා අරගලය

අපි රටක් විදියට එක්සත් වෙලා කරපු අරගලේම ද බංග්ලාදේශයත් දැන් කරමින් ඉන්නෙ? 300කට එහා ජීවිත නැති කරන්, මහජන දේපළ විනාස කරමින්, බංග්ලාදේශය ඇත්තටම මේ කරන්නෙ ලංකාවෙ උනා වගේ ම අරගලයක් ද? ඒකෙ අවසාන ප්‍රථිපලය මොකක් වෙයි ද? පරිච්ඡේද (Chapters) 00:00 හැඳින්වීම (Introduction) 09:50 බංග්ලාදේශයේ දැන් තත්වය (Current Situation in Bangladesh) 11:14 ෂෙයික් හසීනා (Sheikh Hasina) 17:02 බංගලිදේශ ජනතාව නැගී සිටියේ ඇයි? (Why Bangladesh People Stood Up?) 22:58 හසීනාට වැරදුන තැන (Where Hasina went wrong) 26:00 අරගලය කාලේ ලංකාවේ අත්දැකීම (Experiences in Sri Lanka during the struggle) 29:10 ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්.... (As long as the problem is not yours….) 32:27 හසීනගෙ මල් ගවුම් බලකාය (Hasina's flower gown brigade) 33:58 බංග්ලාදේශ අරගලය (Bangladesh Struggle) 39:50 අන්තර්වාර රජයක් (Interim Government) 42:00 ශ්‍

EP17

කයිවාරුව

පහුගිය දවස් ටිකේ වෙච්ච හදි සහ වෙන්න ඇහැකි සිද්දි ගැන, සරමක් ගහන් කයිවාරුවක් ගහමු. ඇඟේ වයසින් මේරුවට හිතින් වයසට යන්න අකමැති අපි වගේ උන්ට විසේසයි!

EP16

අපි බාල කාලේ! Memories from Our Childhood

මේක, පප්පා ගමේ වෙද පප්පා පෙරපු අරිස්ටෙ ම ගමේ කෙරෝලෙ මාමලා වගයක් බැරල් අස්සෙත් පෙරනවා කියලා දැනගත්ත කාලෙට සෑහෙන කලින් කතාවක්! මතක ද? මණ්ඩුක භවනෙන් ආර්ථික වර්ධන වේගය ඉගෙනගෙන වයසට නාහන වදන් ඉශූ කර කර රෙද්දක් බෙල්ලෙ ගැටහගන් වත්ත වටේ දුවපු කාලෙ? මොන මගුල කලත් හැන්දෑ කළුවර වැටෙද්දි ටීවී එක ඉස්සරහ ඉඳන් අපේ ම ලෝකවලට එන්ටර් වෙලා සපාන් එකේ ජීවිතේ ගෙවපු කාලෙ? මචං, අපි දැන් වෙන වෙන විදිවලට හොයන්නෙ ඒ කාලෙ ඒ ආතල් නිදහස ම නේද? ඕං ඔය වගේ ගෙවුනු අපේ ජීවිතේ ඇට්ටැම්බ කාලය ගැන, ඇට්ටකුණාවෙන්න ඔන්න මෙන්න ගිය උං දෙන්නෙක් කරපු, වයසින් විතරක් වයසට ගිය මනසින් තාම පොඩි උංගෙ කතාව!

EP15

මිනිසා තුල සිටි සතා එලියට ආපු මිල්ග්‍රෑම් පරීක්ෂණය The Milgram Experiment

20 වන සියවසේ වඩාත් විවාදයට ලක් වූ සහ සිත්ගන්නාසුළු මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක් වන මිල්ග්රෑම් පරීක්ශණය ගැන අපේ කතාබහ! In this episode of The BeanBag Podcast, we delve into one of the most controversial and thought-provoking psychological studies of the 20th century: the Milgram Experiment. Conducted by psychologist Stanley Milgram in the 1960s, this experiment sought to understand the extent to which individuals would obey authority figures, even when asked to perform actions conflicting with their personal conscience. Join us as we explore the fascinating details of the experiment, its shocking results, and the profound ethical questions it raises about human behavior and obedience. Don't forget to like, comment, and subscribe for more deep dives into intriguing topics! Faceb

EP14

ගහෙන් වැටුනු වළහාට ගොනා ඇනපු හැටි! - The Unluckiest Bear in the World

ඉහවහා ගිය මිනිසත්කම හා සත්ව කරුණාව නිසා රටවල් දෙකක් අතර පිං පොං බෝලයක් වූ වළහෙක්!? A bear that was a ping pong ball between two countries due to widespread humanity and animal kindness!? Viral Tiktok Video Link - https://vt.tiktok.com/ZSYV4Ja16

EP13

කාලයේ වැලි තලාවට යට වුනු 'නොවිසිඳුනු' මිනීමැරුම් - Cold Cases

කාලයේ වැලි තලාවට යට වුනු 'නොවිසිඳුනු' මිනීමැරුම් කීපයක දශක ගණනාවකට පසු සිදුකළ පසුවිපරම. Decades later follow-up of several 'unsolved' murders buried under the sands of time.

EP12

මේ වචන වැරදිලාවත් කියන්න එපා! Forbidden Words

අවාසනාව හා අත්වැල් බැඳගත් වචන හා ඒ වචන නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීම් ගැන ඔබ දන්නවා ද? වචන කොයිතරම් බලගතු ද කියා ඔබ දැන සිටියා ද? මේ, bean bag podcast අපි, එහෙම අවාසනාවන්ත වචන හොයාගෙන ගිය කතාබහක්! Do you know the words that go hand in hand with bad luck and the unfortunate events caused by those words? Did you know how powerful words are? This is a conversation where we, the bean bag podcast, searched for such unfortunate words!

EP11

"Assassins Creed" ඇත්ත කතාවක්??

Uncover the true stories behind legendary ancient assassins like the Hashshashin. Delve into their origins, rigorous training, high-profile missions, and lasting impact on history. Separate fact from fiction and see how these historical figures have influenced modern culture, including the Assassin's Creed game series. Join us for an in-depth look at the deadliest special forces of the Dark Ages. ලොව සුපතල Assassins Creed ජරිගණක ක්‍රීඩා මාලාවට පාදක වූ ඉතිහාසයෙන් හමුවූ සැබෑ Assassinලා පිලිබඳ කතාබහ

EP10

ඕස්ට්‍රේලියාවේ පැරාමෙඩික් නිලධාරිනියක් සමඟ කතාබහ!

තප්පරයක් පවා කප්පරක් වටින, මරණයේ දොරකඩ සිටින්නන්ට ජීවිතය පිදීමේ වගකීම ආඩම්බරයෙන් දරාගත්, ජීවිත ආරක්ශා කිරීමේ සේවාව කරන, ඕස්ට්‍රේලියාවේ ගිලන් රථ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිළදාරිනියක් හා කෙරෙන Bean Bag Podcast අපේ කතාබහ!

EP8

536 A.D. - අවුරුදු දෙකක් මුලු ලෝකෙටම සීත කාලයක්!

ඉවරයක් නැති වූ සීත කාලයකට, ඉරක් අහසේ නොපෑයූ කාල පරාසයකට, ලෝකය කොතෙක් නම් වෙනස් කළ හැකි වූවේ ද? අවුරුදු හත්දාහක ඉතිහාසයක සාක්ශි රූස්ස ගස් කියූ හැටි? කැමිලොට්වල ආතර් රජු කැමිලොට් නුවර සමඟින් ම මියගියේ මේ සිසිරය නිසා ද? අද කතාබහ, 536AD; මේ මිහිපිට අවාසනාවන්ත ම වසර ද? A never ending winter, A time where there was no sun in the skies! How did the tallest forests bear witness to this tale? How did the majestic trees tell us about a history of 7000 years!? Did the King Arthur along with his knights in the round table perish during this winter? Come with us on a journey to the 536AD; The worst year to be alive! 536 AD: The Year That The Sun Disappeared | Catastrophe | Real History - https://www.youtube.com/watch?v=VbwyR5jLSUQ

EP7

අවුරුදු ම පහක්! Five Years!

අවුරුදු පහක්! වේදනාව ද අසරණකම ද දන්නෙ නෑ. ඒත් මහ බරක් තවම හිතේ තියෙන බව දැනෙනවා.. දන්නවා. කරපු එකෙක් නැති, මිනිස්සු සියගාණක ජීවිත නැතිකරපු, ඒ මතින් කොහෙවත් නැති උන් රජ වුනු, පාස්කු ඉරිදා ප්‍රහාරයට අවුරුදු පහක්! අපි. හරි. පවු! Five years! Don't know if it is pain or helplessness. But we feel that there is still a heavy weight in our hearts. There was no one who did it, but hundreds of lives were lost, and some became kings out of nowhere. Five years since the Easter Sunday attack!

EP4

Huni - හූනි

ඊජිප්තු අභිරහස්: හූනිගේ අතුරුදහන් වූ පිරමීඩය සොයා! Egyptian Mysteries: In Search of Huni's Vanished Pyramid Unknown: The Lost Pyramid - https://www.netflix.com/us/title/81473679 The Movie Great Pyramid - https://www.youtube.com/watch?v=KMAtkjy_YK4

EP3

"Never to be Released"

යළිදු කිසිදාක නිදහසේ සුවය නොවිඳින, ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ කෲරත ම ගැහැණිය; කැතරින් ක්නයිට් පිළිබඳ හෙළිදරවුව! The most brutal woman in Australian history, never to be freed again; Catherine Knight Revealed!

EP2

Elephas Maximus - අලි කතා

"Deciphering කුංචනාද!" සද්ධන්ත කුලේ ඇත්තන්ගේ අක්මුල් සොයා ගිය අපේ කතාබහ. Come join us in our journey to find the mysteries associated with the elephants. The Elephant Whisperers on Netflix - www.netflix.com/watch/81312835 අනුනාකි සහ රොබෝ සේපියන්ස් (SlVlog) - www.youtube.com/watch?v=ajVsfaLmWCo Pinnawala Elephant Orphanage Volunteering Program - 0352266282

Never miss an episode

Subscribe wherever you already listen.

New episodes drop on YouTube, Spotify and Apple Podcasts the same day. Pick the one that fits your routine.

Or drop us a line